මම උපන් ගෙයිම මැරුවා හීන
කසල ගොඩට විසි කලා මගෙම හීන
වැටුන ආගාදේ මං
කිමිද පීන
හිතලා නොකරමි මං මටම වීන
අපි කැලේ පිපිලා කැලේම පර වෙලා යන මල්
දකින්න හිරු එලිය ගනිනවා මම කල්
නොදැක පර වෙනවා දුක දැක බොහො කල්
වැලපේ තනිව දිවි තොර වෙන කල්
අයදී සමාව නොදැන පිටවුනු වැරදි වචන වලට
බලා හිඳිනු නොහැක විඳවන පිය සෙනෙහස
කරන සටන හලන දහඩිය
මහා පොලොව මතට කාසි වලට
නොමැරී මැරෙන තරම කෙදිනද ලැබෙන්නෙ
නිවන ඒ පිච්චුන දෑත් වලට ඒ
වැටෙන කඳුලු හැරේවිද පලදෙන සාප වලට
මග වැරදුනා තැනකදී
වෙන විකල්ප නොමැත මෙ ගමනෙදී
සුපුරුදු ලෙසම වීදුරු සිත බිඳි
යටි පතුල පසාරු කරගෙනම විදී
අසිපත රිදී
සැරසි සටනට සතුට ඇත අලු යට සැඟව නිතරම
එක දිගටම
මනමාලිය කල්පනාව
තනිකම දැවද්ද මේ විගඩම
හොදම කාලෙ ගෙවිලා යයිද නිකරුනේ
දැලක පැටලුනේ
නොදැන අනතුරේ
වැටිලම භයානක විස මකුලුවා දුටුවා මං කලුවරේ
හැම විටම අමතක වෙන දේ ලිව්වා
මතක පොතක තිරය පිටුපස කතා දන්නේ රචකයා
සිරගතකල සිතුවිලි ඉරනම වෙනස් කරාවීද මරන්න මේ වදකයා
යතාර්තවාදී නම් මම
හිතන්නේ හීන ගොඩක්
අරන්මන් ජීවිතේ
දුවන්නේ මන් බොහෝ දුරක
කාලේ කලා ශාපයක්
මේක විකාර හීනයක්
ආයෙනම් හැරෙන්න බෑ
ඇවිත් මන් බොහොම දුරක්
රිදීමක් වෙයිද හදවතේ
සක්වළ දුරට විහිදුනේ
දහස් දෙනා අතරේ උනත්
පාවී යාවි යාවි ජීවිතේ
අද දුකනම් සතුටුනම්
මෝදු කරමු හැගීම් අරන්
විදවනන්නම් ජීවිතේ
මේක හරි අපුරූ තැනක්
අඩන්න බැරිකමට හිනා වෙන්නෙ පෙනුනට
ගෙදර ප් රශ්න පෙනෙන්නෑනෙ මචං මිදුනට
පවුල ගොඩ ගන්න
අම්මා ගියෙ මැදපෙරදිග
අපිටමයි වරදින්නෙ යන හැමතැනදිම
කාරුණික නොමැති දෛවේ
බඩගින්න ලැම්බොගිනි
බඩවැල් හයිවේ
සිරාවට බෙහෙතකට දකින්න මාල මුදු නෑ බං
අපිට අපිම පමණයිනේ
ඉදගෙන ගෙයි දොරකඩ උලුවස්ස පාමුල
කපරාරු නොකරපු බිත්ති කාමර
හිත කලකිරුනම වේදනාව පිටකලෙ
දුක වචන කරල කොළවල ලියලා
දරාගෙන ඉන්නෙ දුක හෙට ගැන හිතලා
කඩාගෙන වැටෙවිද හීන මගෙ අද
අවස්ථාවක් ලැබේවිද කණපිට හරවන්න ජීවිතේ මට
මනමාලි නැති වෙඩිමක් වගේලු බං
සල්ලි නැති කාලෙට අතේ මිටේ
අම්මා කිව්වෙ බඩගින්නෙ හිගාකෑවත් උබ
හොරකමින් ජීවත් වෙන්න හිතන්නෙපා මගේ පුතේ
හැමදාම හවසට බුදු පහන ගාව
වැද වැටෙනවා ගෙවාගන්න අපල කාල
පටන් ගත්ත දේවල් වැරදුනා අනන්ත වාර
අපි අසරණයි බඩගින්නෙ වහිනදාට
මම කනට නෙවෙයි කතාකරන්නෙ හදවතට
කල්පනා කරපන් අපි විදවන්නෙ මොකද
වදින දේවාලෙ කඩන් වැටෙන්නම හිසට
වැඩක් නෑ මේ හදහනෙන් විසි කලා ලිපට
පටන් ගැන්ම දුශ්කරයි හොදයි අවසානෙ
ආතල් පස්සෙ දුවන්නෙපා කාලෙ අපරාදෙ
තේරුම් ගත්තා මාරයා නවත්තන්න බෑනෙ
අද මං සතුටෙන් ගයන්නෙ වේදිකාවෙ
යතාර්තවාදී නම් මම
හිතන්නේ හීන ගොඩක්
අරන්මන් ජීවිතේ
දුවන්නේ මන් බොහෝ දුරක
කාලේ කලා ශාපයක්
මේක විකාර හීනයක්
ආයෙනම් හැරෙන්න බෑ
ඇවිත් මන් බොහොම දුරක්
රිදීමක් වෙයිද හදවතේ
සක්වළ දුරට විහිදුනේ
දහස් දෙනා අතරේ උනත්
පාවී යාවි යාවි ජීවිතේ
අද දුකනම් සතුටුනම්
මෝදු කරමු හැගීම් අරන්
විදවනන්නම් ජීවිතේ
මේක හරි අපුරූ තැනක්