අපි පුදුම මිනිස්සු, හරි අරුම මිනිස්සු
පෙනීමකට ඇසීමකට ඇලෙන මිනිස්සු
දැනීමකට සිතීමකට වෙළුනු මිනිස්සු
ජීවිත ගැටලු විසඳන්න හිතනඑකම කොරන මිනිස්සු
ඇස් දෙකෙන් දකිනවා ඒත් ඇත්තම පේන් නෑ
කන් දෙකෙන් අහනවා, හැබෑව ඇහෙන්නෑ
දැනීමක වෙලෙනවා කම්පාව දැනෙන් නෑ
හිතින් මග සොයනවා සැකැස්ම හිතෙන්නෑ
අපි පුදුම මිනිස්සු, හරි අරුම මිනිස්සු
පෙනීමකට ඇසීමකට ඇලෙන මිනිස්සු
දැනීමකට සිතීමකට වෙළුනු මිනිස්සු
ජීවිත ගැටලු විසඳන්න හිතන එකම කොරන මිනිස්සු
නොදැනුවත්කම පිරි මතකය
නොතේරුන දේ හෙව්වේ නෑ
නොදන්නා දේ කිව්වේ නෑ
නොදන්නා බව දන්නෙ නෑ
වෙනස තුළ ලෝකයේ පැවැත්ම
පෙනීමක් තුළ තිබ්බෙ නෑ
දැනීමකටද හිතීමකටද
පෙනෙන බව නම් වෙන්න බෑ
හතර හතරක් වෙනම හතරක්
නොදැන තේරුම් ගන්න බෑ
නිවනක නිධානය වචන වන නිදන්
වදුලෙන් ලිහා ගන්නේ නෑ
අපි පුදුම මිනිස්සු, හරි අරුම මිනිස්සු
පෙනීමකට ඇසීමකට ඇලෙන මිනිස්සු
දැනීමකට සිතීමකට වෙළුනු මිනිස්සු
ජීවිත ගැටලු විසඳන්න හිතනඑකම කොරන මිනිස්සු