නීල නෙතු මගෙ දෑසෙ හංගා
ඒ දෙතොල් පෙති හීන බින්දා
ඈ දෙනෙත් යුග මාගෙ රන්දා ඈ
අද නෑ
සීත හිම මත පාට අතුරා
හීන ගෙත්තම් ලෝක මැව්වා
ඒ දෙනෙත් කිසිදාක මියදෙන්නෑ
යළි නෑ
ළඟ පේන දුර හීන සිත් ගානෙ මැව්වා
දුර යාම නොදැනීම ඒ හීන ගෙන්නා
කිරිකෝඩු තනි ලෝකෙ ආදරෙ සෙව්වා
මා හද මා
සිත ගාව රැඳි ප් රේම ලෝක හංගා
නිදි යහනෙ රෑ තනිව ආලෙ බැන්දා
මග නොහැර ඔබ එක්ක සංසාරෙ බැඳුනා
මා හද මා
දුර යාම නොදැනීම
සංසාරෙ සබැඳීම
මතුදාක ඔබ එක්ක
යළි ආයෙ පෑහීම
නීල නෙතු මගෙ දෑසෙ හංගා
ඒ දෙතොල් පෙති හීන බින්දා
ඈ දෙනෙත් යුග මාගෙ රන්දා ඈ
අද නෑ
සීත හිම මත පාට අතුරා
හීන ගෙත්තම් ලෝක මැව්වා
ඒ දෙනෙත් කිසිදාක මියදෙන්නෑ
යළි නෑ