දූවිල්ලක් තරමට
මා ගැන නොසිතූ ඔබ ගැන
ගැනම සිතමින් මා දින දින
වැළපෙන්නේ ඇයිදැයි තනියම
නිදි යහනේ කැළඹෙන්නේ වැලපෙන්නේ තනියෙන්
ආදර බස් ඒ ඔබ කී යළි හදෙහී රැඳෙමින්
නිදි යහනේ කැළඹෙන්නේ වැලපෙන්නේ තනියෙන්
ආදර බස් ඒ ඔබ කී යළි හදෙහී රැඳෙමින්
ජීවිතයේ දිගු ගමනේ යලි එක්වී වෙලෙමින්
සිත බැඳුණු රුව කොහිදැයි විමසයි සිත රහසින්
රෑ සිහිනේ මා මත් කළ ඔබෙ රූ සිරි මවමින්
කොඳුරයි ඒ රුව කොහිදෝ තාමත් හද පතුලෙන්
රෑ සිහිනේ මා මත් කළ ඔබෙ රූ සිරි මවමින්
කොඳුරයි ඒ රුව කොහිදෝ තාමත් හද පතුලෙන්
භව ගානේ මා පතනා සොඳුරු රුව සැනෙකින්
අළුවී යාවිද මොහොතින් මා තැවෙමී සැකයෙන්
දූවිල්ලක් තරමට
මා ගැන නොසිතූ ඔබ ගැන
ගැනම සිතමින් මා දින දින
වැළපෙන්නේ ඇයිදැයි තනියම