අනුරාගිනී නුඹේ සරයෙන්
හද සරැලි නැගුනා...
කවිකාර ඇස් අගින් රහසින්
නුරා ගිනි මැවුනා...
වාන් දමනා ආදරේ
උමතු රළ පතරේ...
ඉම නොදන්නා
කොදෙව්වේ...
පාරාදීසේ...
පාවුනා....
ප් රේමයේ .......
කලුත් නැතී
සුදුත් නැතී
වෛවර්ණ මිහිරි නගරේ...
මංමුලාවූ සොඳුරූ
ආත්ම අතරේ...
ඇවිද ගිය ජීවිතේ
වංකගිරියේ.....
ජීවිතේ ඍතු අතරේ
නිවි නිවි දිලෙනා
රෝමාන්තික චාරිකාවේ...
දහසක් රැඟුම් හැඟුම් පීරා
සැනසුම සොයනා...
පරමානන්දයේ....
අනුරාගිනී නුඹේ සරයෙන්
හද සරැලි නැගුනා...
කවිකාර ඇස් අගින් රහසින්
නුරා ගිනි මැවුනා...
වාන් දමනා ආදරේ
උමතු රළ පතරේ...
ඉම නොදන්නා
කොදෙව්වේ...
පාරාදීසේ...
පාවුනා....