රාත් රියේ මේ
සීත සුළඟ හමන වේලේ
ඔබ මාගේ
හීන තුළට එබුණු මොහොතේ
ජීවිතේ මගේ වෙනස්වූයේ
රාත් රියේ මේ
පැවසූ වදන් මතකේ රැඳුනේ
නොකියූ හැඟුම් රහසේ දැනුනේ
සිහිනේ මගේ සැබෑ වුනේ
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ
මුහුදු වෙරළේ
රැල්ල බිඳුනු වේලේ
විසිරුණු ඒ
සීත පිණි දිය බිඳු වාගේ
ජීවිතේ මගේ සිහිල් වූයේ
මුහුදු වෙරළේ
පැවසූ වදන් මතකේ රැඳුනේ
නොකියූ හැඟුම් රහසේ දැනුනේ
සිහිනේ මගේ සැබෑ වුනේ
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ
දිවි ගමනේ
තනිව ගිය මග නිමවූයේ
ජීවිතේ මේ
වසන්ත සමයයි හිමිවූයේ
ඔබ මගේ ළඟින් සිටින වේලේ
ලොවම මාගේ
ලොවම මාගේ
රාත් රියේ මේ
දිවි ගමනේ
ආදරේ
ආදරේ මේ ආදරේ මේ
ලොවම මාගේ ලොවම මාගේ
ආදරේ මේ ආදරේ මේ