ලීවේ
මේ ගී ලීවේ
ඈ හා සයනේ
වැතිරී වෙළී
කීවේ
මේ ගී රාවේ
රෑ ඝන අඳුරේ
තනිවී තැවී
හීනේ
මා සැමදා රහසේ
බැඳුනේ ඒ පහසේ
නොදැනී දැනී
හීනේ
මා සැමදා රහසේ
බැඳුනේ ඒ පහසේ
නොදැනී දැනී
දෑසේ
මා දුටු ආලේ
සත් යද ළඳුනේ
නොහැඟේ හැඟේ
ජීවේ
මේ රඟ මඬලේ
පමණයි රැඳුනේ
නොසිතේ සිතේ
හීනේ
මා සැමදා රහසේ
බැඳුනේ ඒ පහසේ
නොදැනී දැනී
හීනේ
මා සැමදා රහසේ
බැඳුනේ ඒ පහසේ
නොදැනී දැනී
හීනේ
මා සැමදා රහසේ
බැඳුනේ ඒ පහසේ
නොදැනී දැනී