ශ්වේත වර්ණ සිහිනයකට
බොඳව යා නොදී
ඉඩෝරයට හඬන අහස
වාගේ මට දැනී
ඔබ මට කී වදන් වලට
යළි යළි ඉපිදී
ආදරයේ ඉරණම මේ
ලැබුවෙ ඔබගෙනී
පාවී වළාකුලේ
මා යළි යළී
පෑ ඒ සිනා නුඹේ
හදේ මැවි මැවී
සිත මා.. තනියේ..
අඳුරේ.. තැවුනේ..
ඔබගෙන්.. තමා..
ලැබුවේ...
සීත සෘතුවේ තනිවී
උණුහුම සොයමී
යළි නොඑනා බව දනිමී
සිසිළ විඳ ගමී
ඔබ එන මග බලා සිටිමි
මග දෙසට හැරී
කවදා හෝ ඔබ එයිදෝ
යළි යළි අසමී
පාවී වළාකුලේ
මා යළි යළී
පෑ ඒ සිනා නුඹේ
හදේ මැවි මැවී
සිත මා.. තනියේ..
අඳුරේ.. තැවුනේ..
ඔබගෙන්.. තමා..
ලැබුවේ...